විස්තරාත්මක ප්‍රතිඵල ලේඛන ලබාගැනීම ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව
(2016-2021 අධ්‍යයන වර්ෂ)

උක්ත පාඨමාලාවට අදාළව 2025 නොවැම්බර් මස පැවති ශාස්ත්‍රවේදී  බාහිර උපාධි III පරීක්ෂණය සමත්වීම මත උපාධිය සම්පූර්ණ කර ඇති සිසුන් සඳහා විස්තරාත්මක ප්‍රතිඵල ලේඛන 2026.09.15 දිනෙන් පසු නිකුත් කිරීමට නියමිතව ඇත.

ඊට අදාළ ගාස්තු වශයෙන් රු. 250.00 ක මුදලක් ලංකා බැංකුවේ හෝමාගම ශාඛාවේ අංක 711202 දරන රැස්කිරීමේ ගිණුමට බැර කළ යුතු අතර, මුදල් ගෙවීමෙන් අනතුරුව බැංකුව මඟින් නිකුත් කරනු ලබන කොළ පැහැති රිසිට්පත මේ සමඟ අමුණා ඇති අයදුම්පත සමඟ ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවන මෙන් කාරුණිකව දන්වමි.

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරි,
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය සහ විවෘත හා දූරස්ථ අධ්‍යයන කේන්ද්‍රය,
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය,
214, බෞද්ධාලෝක මාවත, කොළඹ 07.

ලිපි කවරයේ වම්පස ඉහළ කෙළවරේ “උපාධි සහතික පත්‍ර ලබා ගැනීමˮ ලෙස සඳහන් කිරීම අනිවාර්ය වේ.

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය සහ විවෘත හා දූරස්ථ අධ්‍යයන කේන්ද්‍රය
2026.09.03

Notice

Tab Content