ක්ෂේත්‍ර පුහුණු වැඩමුළුව - 2025
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ පුරාවිද්‍යාව තෙවන වසර (ගෞරව) ශිෂ්‍ය කණ්ඩායම සඳහා පුරාවිද්‍යා කැණීම් ක්‍රියාවලිය පිළිබඳ පුහුණු වැඩමුළුවක් 2025.01.20 දින සිට 2025.02.07 දින දක්වා වවුනියාව සපුමල්ගස්කඩ පුරාවිද්‍යා පරිශ්‍රයේ දී පැවැත්විය. එම ක්ෂේත්‍ර වැඩමුළුවට සම්බන්ධ වූ සිසුන්ට මුලතිව් කුරුන්දි විහාරය, අරිසිමලෙ, ගුරුකන්ද, තිරියාය, හේරත් හල්මිල්ලෑව, සිංහයා උල්පත ආදි පුරාවිද්‍යා ස්ථාන නිරීක්ෂණය කිරීමට ද අවස්ථාව ලැබුණි.
ක්ෂේත්‍ර පුහුණු වැඩමුළුවට සහභාගි වීම සඳහා අවස්ථාව සලසා දුන් උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි නාහිමි, ව්‍යාපෘති අධ්‍යක්ෂක රජරට විශ්වවිද්‍යාලයේ උරුම කළමනාකරණය හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්දිම අඹන්වල මහතා, ස්වාධීන පර්යේෂක ඩී.එම්. නදීර හර්ෂජිත් දිසානායක මහතා හා විශ්‍රාමික කෞතුකාගාර නිලධාරි ගාමිණි සමරනායක මහතා ඇතුළු සහාය ලබාදුන් සියලුදෙනාට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ විශේෂ ස්තුතිය පිරිනැමේ.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි
අංශාධිපති-පුරාවිද්‍යා අධ්‍යයන අංශය
Photo Album: https://www.facebook.com/media/set?vanity=bpusrilanka&set=a.1182327840563423
Recent Posts
- The workshop on “New Trends and Ideologies in World Literature”
- Workshop on the Philosophical Foundations of Research in the Humanities and Social Sciences
- New Chinese Director of the Confucius Institute Visits Buddhist and Pali University of Sri Lanka
- RASOGHAYA 2026
- Lecturer (Probationary) Ms. Sadarshie Kusumwarsha Ranasinghe Named Finalist at the State Literary Awards 2026!


