පුරාවිද්‍යා සංරක්ෂණ පුහුණුව - 2025

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා විෂය හදාරන තෙවන වසර ශිෂ්‍ය කණ්ඩායමට පුරාවිද්‍යාත්මක ස්මාරක සංරක්ෂණය පිළිබඳ පුහුණු වැඩමුලුවක් 2025/03/17 සිට 2025/03/28 දින දක්වා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අභයගිරි ව්‍යාපෘතිය ආශ්‍රිතව පැවැත්විය..

එම ක්ෂේත්‍ර පුහුණුව සඳහා අවස්ථාව සලසා දුන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය චන්දිම බෝගහවත්ත මහතාට, අභයගිරි ව්‍යාපෘති කළමනාකාර තුසිත හේරත් මහතාට, ප්‍රධාන සංරක්ෂණ නිලධාරි එච්.පී. අබයවික්‍රම මහතා ඇතුළු සහාය දුන් සියලු දෙනාට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ විශේෂ ස්තුතිය පිරිනැමේ.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි
අංශාධිපති, පුරාවිද්‍යා අධ්‍යයනාංශය

Photo Album: https://www.facebook.com/media/set?vanity=bpusrilanka&set=a.1256527919810081

 

News Categories