මහාචාර්ය සෙනරත් පරණවිතාන අනුස්මරණ උළෙල හා ‘ඉසිවර’ ශාස්ත්‍රීය සංග්‍රහයේ දෙවන කලාපය එළිදැක්වීම – 2026

ශ්‍රී ලංකාවේ ප්‍රථම දේශීය පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් ශාස්ත්‍රීය ලෝකයෙහි ප්‍රගමනය පිණිස දක්වන ලද අප්‍රමාණ දායකත්වයට උපහාර පිණිස ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශය මගින් සංවිධානය කරනු ලැබූ මහාචාර්ය සෙනරත් පරණවිතාන අනුස්මරණ උළෙල හා ඉසිවර ශාස්ත්‍රීය සංග්‍රහය (දෙවන කලාපය) එළිදැක්වීම 2026.10.07 දින පෙ.ව.9.00ට විශ්වවිද්‍යාලයීය පුස්තකාල ශ්‍රවණාගාරයේ දී උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදි.

එහිදී මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා වෙනුවෙන් මහා සංඝරත්නය උදෙසා පරිෂ්කාර පූජා කොට පුණ්‍යානුමෝදනා කිරීමෙන් අනතුරුව ඉසිවර ශාස්ත්‍රීය සංග්‍රහයේ දෙවන කලාපය එළිදැක්වීම සිදුවිය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියන් විසින් ‘දැනුම රැස් කළ උගතෙකුට එහා ගිය බුද්ධිමතා ; සෙනරත් පරණවිතාන’ මැයෙන් අනුස්මරණ දේශනය පවත්වන ලදි.
ගෞරවණීය මහෝපාධ්‍යායයන් වහන්සේ, පීඨාධිපති ස්වාමීන් වහන්සේලා, අධ්‍යයනාංශාධිපතිවරු ඇතුලු අධ්‍යයන කාර්යමණ්ඩලයත්, ශිෂ්‍ය විද්‍යාර්ථීන් හා ආරාධිතයින් මේ සඳහා සහභාගි වූ අතර, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහයෝගය ද නොමඳව ලැබිණි. ඒ සියලු දෙනාට පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ ස්තුතිය පළ කරනු කැමැත්තෙමි.

අංශාධිපති

පුරාවිද්‍යා අධ්‍යයනාංශය

News Categories