අභිලේඛන පිටපත්කරණය පිළිබඳ ක්ෂේත්ර පුහුණු වැඩසටහන
ශ්රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්යාලයේ පුරාවිද්යා අධ්යයනාංශය මගින් ARCH 32093 (C) ශ්රී ලංකාවේ අභිලේඛන අධ්යයන (ක්රි.පූ. 03 සියවසේ සිට ක්රි.ව. 12 සියවස දක්වා) සහ ARCH 22084 (C) ශ්රී ලංකාවේ ඓතිහාසික කාලානුක්රමාවලිය යන විෂය පත්රවලට අදාළව සංවිධානය කළ පුහුණු වැඩසටහනක් 2026 මැයි මස 15 දින දේවහූව, උස්සාන, යහන්ගල ආරණ්ය සේනාසනයේ දී පැවැත්විණි.
මෙහි දී අක්ෂර රූපවිද්යාත්මකව ක්රි.ව. දෙවන හෝ තුන්වන සියවසට පමණ අයත් පර්වත ලිපියක් පිටපත්කරණය සිදු විය. අඩි 11ක පමණ දිගකින් හා පේළි පහකින් සමන්විත මෙම ලිපිය එම කාලපරිච්ඡේදයට අදාළව අනුරාධපුර දිස්ත්රික්කයෙන් හමුවන දීර්ඝත ම ලිපි කිහිපයෙන් එකකි. අභිලේඛනයක් වාර්තා කිරීම, පිරිසිදු කරගැනීම, පිටපත්කරණය, පිටපත්කරණයෙන් පසු ක්රියාවලිය මෙන් ම එහි කාලය තීරණය කිරීම, අන්තර්ගතය පරීක්ෂා කිරීම ආදී විවිධ පැතිකඩ සම්බන්ධයෙන් ශිෂ්යයින්ට ප්රායෝගික දැනුමක් ලබා දීමට මෙම වැඩසටහන ඉවහල් විය.
මහෝපාධ්යායයන් වහන්සේගේ හා බෞද්ධ අධ්යයන පිඨාධිපති හිමියන්ගේ ආශිර්වාදයෙන් පුරාවිද්යා අධ්යයනාංශාධිපති ආචාර්ය ඉෂංඛ මල්සිරි මහතා හා තාවකාලික කථිකාචාර්ය පූජ්ය ගම්මහේගේවැව අමිත හිමිගේ අධීක්ෂණය හා උපදේශකත්වය යටතේ මෙම කටයුතු සිදු වූ අතර, අදාළ අභිලේඛනය පිළිබඳ වැඩිදුර පර්යේෂණ ඉදිරියේ දී සිදු කිරීමට අපේක්ෂා කෙරේ. මෙම කටයුත්ත සඳහා සම්බන්ධීකරණයෙන් දායක වූ පූජ්ය කුණ්ඩසාලේ අරණගවේසී හිමියන්ටත්, ඉසුර වික්රමාරච්චි මහතාටත් කෘතඥතාව පළ කරනු ලැබේ. අවශ්ය සියලු පහසුකම් සම්පාදනය කර දෙමින් ක්ෂේත්රයේ දී දැක්වූ සහයෝගය සම්බන්ධයෙන් යහන්ගල ආරණ්යවාසී මහාසංඝරත්නයට හා දායක පිරිසට පුරාවිද්යා අධ්යයනාංශය සිය ගෞරවය පිරිනමයි.
අංශාධිපති
පුරාවිද්යා අධ්යයනාංශය
Recent Posts
- The workshop on “New Trends and Ideologies in World Literature”
- Workshop on the Philosophical Foundations of Research in the Humanities and Social Sciences
- New Chinese Director of the Confucius Institute Visits Buddhist and Pali University of Sri Lanka
- RASOGHAYA 2026
- Lecturer (Probationary) Ms. Sadarshie Kusumwarsha Ranasinghe Named Finalist at the State Literary Awards 2026!



