සාහිත්‍යෝදය
නිර්මාණ තරගාවලිය 2026

සාහිත්‍ය මාසය අරමුණු කොට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශය විසින් සංවිධානය කරනු ලබන සාහිත්‍යෝදය නිර්මාණ භාර ගැනීම 2026 සැප්තැම්බර් මස 30 වන දින තෙක් අවස්ථාව සලසා ඇත. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සෑම විද්‍යාර්ථියකුටම මේ සඳහා සහභාගි වීමට අවස්ථාව ඇත. එක් තරගකරුවකුට තරග අංශ තුනකට උපරිම සහභාගී වීමේ අවස්ථාව ඇත. තම නිර්මාණ අයදුම්පත සමඟ සිංහල අධ්‍යයනාංශය වෙත අවසන් දිනට පෙර නිර්මාණ ලබා දිය යුතු ය.

ජයග්‍රාහී විද්‍යාර්ථීන්ට ප්‍රථම, දෙවන, තෙවන සහ කුසලතා සහතික දෙකක් සෑම තරග අංශයක් සඳහා පිරිණැමේ. විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වේ. සාහිත්‍යෝදය නිර්මාණ තරගාවලියේ සහතික ප්‍රදානය විශ්වවිද්‍යාල දිනය හා සමගාමී ව සිදු කරනු ඇත.

තරග අංශ

පද්‍ය රචනා

සඳැස් හෝ නිසඳැස් තම අභිමත ආකෘතියකින් සිංහල භාෂාවෙන් රචනා කළ පද්‍ය රචනා ඉදිරිපත් කළ හැකි ය. එක් තරගකරුවකුට උපරිම පද්‍ය නිර්මාණ තුනක් ඉදිරිපත් කළ හැකි ය.

කෙටිකතා

තම අභිමත රීතියකින් සිංහල භාෂාවෙන් රචනා කළ කෙටිකතා ඉදිරිපත් කළ හැකි ය. එක් තරගකරුවකුට ඉදිරිපත් කළ හැක්කේ එක් කෙටිකතා නිර්මාණයක් පමණි.

ගීත රචනා

තම අභිමත තේමාවකින් ගීත ආකෘතියෙන් සිංහල භාෂාවෙන් රචනා කළ ගේය පද නිර්මාණ ඉදිරිපත් කළ හැකි ය. එක තරගකරුවකුට උපරිම ගීත නිර්මාණ තුනක් ඉදිරිපත් කළ හැකි ය.

සාහිත්‍ය විචාර

කාව්‍ය, ගීත, නාට්‍ය, කෙටිකතා, නවකතා, සිනමා යන එක් නිර්මාණයක් ඇසුරෙන් අභිමත රීතියකින් සිංහල සාහිත්‍ය විචාරයක් ඉදිරිපත් කළ හැකි ය. එක් තරගකරුවකුට ඉදිරිපත් කළ හැක්කේ එක් විචාරයක් පමණි.

කථික

දෙන ලද මාතෘකාවකට අනුව විනාඩි 10ක් ඇතුළත කථික තරගයට සිංහල භාෂාවෙන් මුහ ුණු දිය යුතු ය. මාතෘකා එම මොහොතේ කෙටි වේලාවකට පෙර දෙනු ලැබේ. මේ සඳහා නියමිත දිනට පෙර අයදුම් පතක් ඉදිරිපත් කළ යුතු අතර තරග පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙනු ලැබේ.

නිවේදන

නිවේදන තරග සඳහා ගිහි පැවිදි දෙපාර්ශ්වයට ම ඉදිරිපත් විය හැකි ය. සම්භාව්‍ය සාහිත්‍යය ඇසුරෙන් කවි බණ දේශනා කරන හිමි නමක් සහ කවි බණ පිළිබඳ හඳුන්වා දීමේ අවස්ථාවක් නිවේදනය කිරීමට මේ සඳහා අවස්ථාව ලැබේ. මේ සඳහා නියමිත දිනට පෙර අයදුම් පතක් ඉදිරිපත් කළ යුතු අතර තරග පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙනු ලැබේ.

සම්භාව්‍ය සාහිත්‍යය ඇසුරෙන් කවි බණ දේශනය

තම අභිමත බණ කතාවක් ඇසුරෙන් නිර්මාණශීලි කවි බණ දේශනයක් විනාඩි 10ක් ඇතුළත ඉදිරිපත් කිරීමේ හැකියාව විද්‍යාර්ථී හාමුදුරුවරුන් සඳහා අවස්ථාව ඇත. මේ සඳහා නියමිත දිනට පෙර අයදුම් පතක් ඉදිරිපත් කළ යුතු අතර තරග පැවැත්වෙන දිනය පසුව දැනුම්දෙනු ලැබේ.

අයදුම්පත්

Contact Details

Email: sinh@bpu.ac.lk