පුස්කොළ ලේඛන සම්පාදනය, අධ්‍යයන හා සංරක්ෂණ වැඩමුලුව

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයට අනුබද්ධ පුස්කොළ ලේඛන අධ්‍යයන හා සංරක්ෂණ ඒකකය මගින් පුස්කොළ ලේඛන සම්පාදනය, අධ්‍යයන හා සංරක්ෂණය පිළිබඳ වැඩමුලුවක් 2023/12/05වන දින සිට 11වන දින දක්වා බෙලිඅත්ත මහහීල්ල ශ්‍රී සුදර්ශනාරාමය පුරාණ විහාර පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙම වැඩමුලුවේ පළමු දිනයෙහි පුස්කොළ ලේඛන සම්ප්‍රදාය පිළිබඳ විශේෂ දේශන කිහිපයක් පැවැත්විය. ඉන් අනතුරුව තලගස පේ කිරීම, ආගමික චාරිත්‍ර සිදුකිරීම, තලගොබය කැපීම, ඉරටු සකස් කිරීම, වට්ටු ගැසීම, වට්ටු තැම්බීම, වියළීම, කොළ මැදීම, කොළ කැපීම හා සිදුරු විදීම, රතයා තැබීම, පුස්කොළ ලිවීම, තෙල් සිදීම, ගැඩුබ අඟුරු සැකසීම, කලු මැදීම, සුදු මැදීම, කම්බා සැකසීම, කොළ ඇළවීම, සංරක්ෂණය හා ලේඛන අධ්‍යයනය කිරීම, සුචිගත කිරීම ආදී ක්‍රියාකාරකම් සිදුකරන ලදී.

ඒ සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ දෙවන වසර අභ්‍යන්තර, බාහිර සිසුන් නිහි`ඵව ශ්‍රී ධම්මානන්ද මහ පිරිවෙන, පුහුල්වැල්ල පූර්වාරාම පිරිවෙන, හක්මණ ශ්‍රී ගුණානන්ද පිරිවෙන ඇතුළු ප්‍රාදේශීය අධ්‍යාපන ආයතන කිහිපයක ගිහි පැවිදි සිසුන් සහභාගි වූහ.

මෙම වැඩමුලුව සඳහා ප්‍රතිපාදන ලබාදුන් වැඩබලන මහෝපාධ්‍යායය මහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංශ නාහිමියන්ටත්, බෞද්ධ අධ්‍යයන පීඨාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය ඉලුකේවෙල ධම්මරතන හිමියන්ටත්, නියෝජ්‍ය ලේඛකාධිකාරී (ලේඛකාධිකාරී-වැඩබලන) ඊ. ඒ. ගුණසේන මහතාටත්, මූල්‍යාධිකාරි එම්. ඒ. වී. එස්. ගුණවර්ධන මහතාටත්, වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබාදුන් ආචාර්ය ඉෂංඛ මල්සිරි මහතාටත්, එච්.එච්. ආනන්ද සමරසිර මහතාටත්, බාහිර කථිකාචාර්ය ගම්මහේගේවැව අමිත හිමියන්ටත්, බාහිර කථිකාචාර්ය නිලංක උදාර ජයරත්න මහතාටත්, ලක්ෂාන් ධනංජය මහතාටත්, වැඩසටහන අධීක්ෂණය සඳහා වැඩම කළ තත්ත්ව ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය පූජ්‍ය වාව්වේ ධම්මරක්ඛිත හිමියන්ටත්, තාක්ෂණික සහාය ලබාදුන් සමන් දේශප්‍රිය මහතාටත්, ප්‍රදීප් කුමාරගේ මහතා ඇතුලු සියලු දෙනාටත් පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ විශේෂ ස්තුතිය පිරිනැමේ.


ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි
අංශාධිපති
පුරාවිද්‍යා අධ්‍යයනාංශය

Photo Album: https://www.facebook.com/media/set?vanity=bpusrilanka&set=a.881194040676806








Posted in News on Jan 18, 2024

Upcoming Events

Nov

12

12 Nov - 19 Nov
සංශෝධනය කළ කාලසටහන්/ amended timetables - november/ december 2024
පළමු, දෙවන, තෙවන සහ සිව්...

Nov

08

08 Nov - 26 Nov
E-mail addresses provided by the university - 2024/2025 new intake
2024/2025 අධ්‍යයන වර්ෂයේ පළම...

Nov

02

02 Nov - 30 Nov
පශ්චාද් උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීම/ registration for postgraduate degree studies - 2025
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Nov

02

02 Nov - 30 Nov
ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධිය සඳහා ලියාපදිංචි කිරීම/registration of candidates for bachelor of arts (general) external degree - 2025
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Oct

24

24 Oct - 26 Nov
ප්‍රතිපෝෂක සම්මන්ත්‍රණ මාලාව - ශාස්ත්‍රපති උපාධි පරීක්‍ෂණය / seminar timetable - master of arts degree - october, november 2024
<br> <u><b>ප්‍රතිපෝෂක සම්මන�...

Oct

15

15 Oct - 19 Oct
ප්‍රතිඵල නිකුත් කිරීම issuing results - may/ june 2024
2024 මැයි හා ජුනි මාසවල පැ...

Exam Results
See latest exam results