Event Details

මාර්ගගතව දේශන පැවැත්වීම

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ දෙවන සමාසිකයට අදාළ අධ්‍යයන කටයුතු 2023.01.23 දින සිට මාර්ගගත ව නැවත ආරම්භ කරන ලදී. එහෙත් එම දේශන සඳහා සම්බන්ධ වන සිසුන්ගේ අඩුවක් පවතින බැවින් ඒ පිළිබඳ සොයාබැලීමේ දී අනාවරණය වූයේ ඇතැම් කඩාකප්පල්කාරී සිසුන් විසින් සිසුන්ට දේශනවලට සහභාගී නොවන ලෙස බියවැද්දීම් හා තර්ජනය කිරීම් සිදුකරනු ලබන බවයි. මෙලෙස තර්ජනය කිරීම් හා බියවැද්දීම් සිදුකරනු ලබන සිසුන් කිහිපදෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති අතර එය ශිෂ්‍ය විනය යටතේ සහ 1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවක වදය හා වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි.

2023.01.16 දින පැවති විශේෂ පාලක සභාවේ දී ගන්නා ලද තීරණය පරිදි 2023.01.30 දින සිට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය තාවකාලික ව තහනම් කොට ඇත. එබැවින්, ශිෂ්‍ය සංගමය හෝ වෙනත් සංගමයක් විශ්වවිද්‍යාලය විසින් පිළි නොගන්නා බව මෙයින් දන්වා සිටිමි.

ඒ අනුව, මාර්ගගත දේශන සඳහා සහභාගීවන සිසුන්ට ඒ සඳහා සම්බන්ධ නොවන ලෙස කිසිදු ශිෂ්‍යයෙකු විසින් බලපෑමක්, තර්ජනයක් හෝ බියවැද්දීමක් සිදු නොකරන ලෙස තරයේ අවවාද කරමි.

තවදුරටත් කිසියම් ශිෂ්‍යයෙකු හෝ කණ්ඩායමක් විසින් එවැනි කටයුතු සිදු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග අනුගමන කරන බව මෙයින් දන්වා සිටිමි.

මහාචාර්ය පූජ්‍ය නෙලුවේ සුමනවංස නායක ස්ථවිර
මහෝපාධ්‍යායයන් වහන්සේ
2023.02.06

Posted on Feb 06, 2023

Upcoming Events

Dec

05

05 Dec - 13 Dec
2025 නොවැම්බර්/දෙසැම්බර් විභාග පරීක්‍ෂණය සම්බන්ධවයි/ regarding the november/december 2025 examination
2025 නොවැම්බර්/දෙසැම්බර්...

Dec

05

05 Dec - 31 Dec
ඩිප්ලෝමා සහ උසස් පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - registration of candidates for diploma & advanced diploma courses - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Dec

03

03 Dec - 17 Dec
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබාගැනීම - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2016/2017/2018/2019 අධ්‍යයන වර්ෂ
උක්ත පාඨමාලාවට අදාළව 202...

Dec

01

01 Dec - 31 Dec
පශ්චාද් උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීම/ registration for postgraduate degree studies - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Dec

01

01 Dec - 31 Dec
ඩිප්ලෝමා පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - registration of candidates for diploma courses - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Dec

01

01 Dec - 27 Jan
සහතිකපත් හා ඩිප්ලෝමා පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - registration of candidates for certificate and diploma courses - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Exam Results
See latest exam results