01. ප්‍රතිඵල නිකුත් කිරීම
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨයේ 2023 අධ්‍යයන වර්ෂයේ ශාස්ත්‍රපති උපාධි පරීක්ෂණයට පෙනීසිට සමත්වූ සිසුන්ගේ නාමලේඛන සනාතන සභා ආවරණ අනුමැතියට යටත්ව නිකුත් කරන ලදි.02. 23 වන උපාධි ප්‍රදානෝත්සවයට ලියාපදිංචි කිරීම
ඒ අනුව 2024.04.04 දින ප.ව. 1.00 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත 23 වන උපාධි ප්‍රදානෝත්සවයේ දී ශාස්ත්‍රපති එක් අවුරුදු උපාධිය සමත් සිසුන්ට පමණක් උපාධිය පිරිනැමීමට නියමිතය.අදාළ මුදල් ගෙවා උපාධි ප්‍රදානෝත්සවයට ලියාපදිංචි විය යුතුය.
සැ.යු.
පහත සඳහන් ලිපිලේඛන රැගෙන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨයට පැමිණීම අනිවාර්යය වේ.
- ජාතික හැඳුනුම්පත හෝ ගුවන් ගමන් බලපත්‍රය
- පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 02 ක්
- උපාධි ප්‍රදානෝත්සව ලියාපදිංචි ගාස්තුව - රු. 8000.00
උපාධි ප්රදානෝත්සවය සඳහා ලියාපදිංචි කිරීම 2024.03.16 දින ප.ව. 2.00 සිට 2024.03.17 දින ප.ව. 2.00 දක්වා පමණක් කාර්යාලයීය වේලාවන් තුළ සිදුකරනු ලබන අතර අදාළ දිනවලින් පසු කිසිදු අයෙක් ලියාපදිංචිකරගනු නොලැබේ.
ශාස්ත්‍රපති උපාධි පරීක්ෂණයේ ප්‍රතිඵල පහතින් ලබාගන්න.
Results: http://bpu.ac.lk/postgraduate-degrees-and-external-examination-results/results-post-graduate
සහකාර ලේඛකාධිකාරී
(පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය)