ශ්‍රී සර්වඥධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීම
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ වැඩසිටින ශ්‍රී සර්වඥධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීම 2023.11.30 දින දවස පුරා මොරගහහේන පාර, පිටිපන පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය ප්‍රධාන පරිපාලන පරිශ්‍රයේ දී පැවැත්විණි.
එදින ශ්‍රී සර්වඥධාතූන් වහන්සේලා උදෑසන විශේෂ කිරි ආහාර පූජාව, ව්‍යඤ්ජන තිස්දෙකක් සහිත දහවල් බුද්ධපූජාව හා ගිලන්පස පූජාව පැවැත්විණි.
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා ඉතා කැපවීමෙන් මේ සඳහා දායකත්වය ලබාදුන් අතර ප්‍රදේශවාසි මහජනතාව විශාල පිරිසක් සැදැහැ සිතින් යුතුව ශ්‍රී සර්වඥධාතූන් වහන්සේලා වැඳ පුදා ගැනීම සඳහා පැමිණ සිටියහ.
-ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
-
Photo Album: https://www.facebook.com/media/set/?vanity=bpusrilanka&set=a.851005003695710
![]() |
![]() |
![]() |