පුරාවිද්‍යා ක්ෂේත්‍ර පුහුණුව 2022 - දෙවන සහ තෙවන අදියර

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ විශේෂවේදී තෙවන වසර ශිෂ්‍ය කණ්ඩායමට නියමිත ක්ෂේත්‍ර පුරාවිද්‍යාව (ARCH 31123) විෂය පත්‍රයට අදාළ ක්ෂේත්‍ර පුහුණු වැඩසටහනේ දෙවන හා තෙවන අදියර 2022/07/11වන දින සිට 2022/07/16වන දින දක්වා ක්‍රියාත්මක විය. පුරාවස්තු හඳුනාගැනීම, පුරාවස්තු ලියාපදිංචි කිරීම, ගබඩාකරණය, මැටි බඳුන් අධ්‍යයනය සහ සෙල්ලිපි පිටපත් කිරීම ආදී දෙවන අදියරට ඇතුළත් ක්‍රියාකාරකම් අනුරාධපුර අභයගිරිය ව්‍යාපෘති පරිශ්‍රය ආශ්‍රිත ව සිදුවිය. ඒ සඳහා ව්‍යාපෘති කළමනාකාර ඒ. සෙනෙවිරත්න මහතා, ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යා නිලධාරි ධර්මවර්ධන ලියනගේ මහතා, විශේෂ ශිල්පි පී. වීරසිංහ මහතා සහ අශෝකා පද්මිණි මහත්මිය ඇතුළු පිරිස සහාය දැක්වූහ.

ක්ෂේත්‍ර පුහුණු වැඩසටහනේ තෙවන අදියරට අයත් අනුරාධපුර ඇතුල් නුවර ක්ෂේත්‍ර නිරීක්ෂණය, කැණීම් ශිල්පී ඇල්ෆ්‍රඩ් ද මෙල් මහතාගේ මූලිකත්වයෙන් සිදුවිය. එම නිරීක්ෂණයේ දී අනුරාධපුර ගෙඩිගේ (AG 85), අනුරාධපුර ඩිංගිරි බංඩා වත්ත (ADB 88), අනුරාධපුර නැගෙනහිර දොරටුව (AEG 88), අනුරාධපුර මහාපාලී දාන ශාලාව (AMP 88), අනුරාධපුර සංඝමිත්තා මාවත (ASM 89), අනුරාධපුර ගොඩගේ වත්ත (AGW 87), අනුරාධපුර විජයබා පැලැස් (AWP 86), අනුරාධපුර මහාබෝධි ග්‍රවුන්ඩ් (AMG 87), අනුරාධපුර බලගල්ල වත්ත (ABW1, ABW2, ABW3 88), අනුරාධපුර රා වත්ත (ARW 88), අනුරාධපුර සල්ගහවත්ත (ASW1, ASW2 87/88) සහ අනුරාධපුර දළදා මාලිගාව (ADM) පුරාවිද්‍යා කැණීම් සන්දර්භ හඳූුනාගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු විය.

ඇතුල් නුවර ක්ෂේත්‍ර නිරීක්ෂණය සඳහා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය කැලෑගම ජිනරතන හිමි, බාහිර කථිකාචර්ය පූජ්‍ය ගම්මහේගේවැව අමිත හිමි, බාහිර කථිකාචාර්ය නිලංක උදාර ජයරත්න මහතා ඇතුළු පිරිස සහභාගි වූහ.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි

අංශාධිපති, පුරාවිද්‍යා අධ්‍යයන අංශය.

තවත් ඡායාරූප:https://tinyurl.com/3sz436r8

5.jpg

12.jpg

Posted in News on Jul 18, 2022

Upcoming Events

Apr

08

08 Apr - 30 Apr
විභාග කාලසටහන - ශාස්ත්‍රවේදී බාහිර උපාධි පාඨමාලාව - පළමු පරීක්ෂණය - 2026 අප්‍රේල්
2026.04.28 දින ආරම්භ වීමට නිය�...

Mar

19

19 Mar - 24 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (fourth year first semester examination) - 2025
2025 නොවැම්බර් සහ දෙසැම්�...

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Exam Results
See latest exam results