උපාධි අපේක්ෂකයන් සඳහා වන පුරාවිද්‍යා සමුළුව - 2024

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශය ‘අපව වටහා ගැනීම පිණිස පුරාවිද්‍යාව’ තේමාව යටතේ උපාධි අපේක්ෂකයන් සඳහා පළමුවරට සංවිධානය කරන ලද පුරාවිද්‍යා සමුළුව 2024.08.27 දින ගෞරවාර්හ මහෝපාධ්‍යායයන් වහන්සේගේ මූලිකත්වයෙන් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය.

එදිනට නියමිත මුඛ්‍ය දේශනය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මැන්දිස් මහත්මා විසින් පවත්වන ලදි. පර්යේෂණ සමු`ඵව සඳහා ඉදිරිපත් කරන ලද 250කට අධික පර්යේෂණ පත්‍රිකා අතරින් තෝරාගත් පත්‍රිකා 80 ඉදිරිපත් කිරීමට ආධුනික පර්යේෂකයින් 110කට පමණ අවස්ථාව ලැබුණි. ඒ සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, රුහුණු විශ්වවිද්‍යාලය සහ නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ ආයතනය නියෝජනය කරමින් උපාධි අපේක්ෂකයින් සහභාගි වූහ.

මෙම සමුළුව සාර්ථක කරගැනීම සඳහා සහාය ලබාදුන් ගෞරවාර්හ මහෝපාධ්‍යායයන් වහන්සේ ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලයත්, ලේකඛාධිකාරිතුමා ඇතුළු අනධ්‍යයන කාර්ය මණ්ඩලයත්, මුඛ්‍ය දේශනය සිදුකළ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමාටත් සහ පර්යේෂණ සැසි මෙහෙයවීම සඳහා සහභාගි වූ විද්වතුන් සියලු දෙනාටත්, පර්යේෂණ පත්‍රිකා සම්පාදනය කළ උපාධි අපේක්ෂකයන් හා පර්යේෂණ පත්‍රිකා විමර්ශනය කළ විද්වතුන් සියලු දෙනාටත් පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ ගෞරවනීය ස්තුතිය ප්‍රකාශ කරමි.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි
අංශාධීපති
පුරාවිද්‍යා අධ්‍යයන අංශය


Photo Album: https://www.facebook.com/media/set?vanity=bpusrilanka&set=a.1042929037836638






Posted in News on Sep 08, 2024

Upcoming Events

Jul

03

03 Jul - 10 Jul
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing result master of arts degree examination - december 2024
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Jul

02

02 Jul - 09 Jul
අභ්‍යන්තර විභාග සඳහා අයදුම්පත් කැඳවීම / calling applications for internal examinations - july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Jun

26

26 Jun - 29 Jun
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (second year first semester examination) november-december, 2024
2024 නොවැම්බර් සහ දෙසැම්�...

Jun

26

26 Jun - 20 Jul
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2022/ 2023 - ii පරීක්ෂණය - 2025 ජූලි
ශාස්ත්‍රවේදී (සාමාන්‍�...

Jun

23

23 Jun - 31 Jul
නැවත පෙනී සිටින සිසුන් ලියාපදිංචි කිරීම - දෙමළ භාෂා පාඨාමාලා පරීක්ෂණය
2025 අධ්‍යයන වර්ෂයට අදාළ�...

Jun

13

13 Jun - 17 Jun
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (first year first semester examination) november-december, 2024
2024 නොවැම්බර් සහ දෙසැම්�...

Exam Results
See latest exam results