ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාවේ සභාපති ධුරයට පත් වීම
ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාව, 1992 අංක 4 දරන පනත මගින් පිහිටුවන ලද සංගමයකි. එහි 13 වන සභාපතිනිය ලෙස ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය යමුනා හේරත් මහත්මිය තේරී පත්වූවාය. ඇය ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් එම තනතුරට පත් වූ ප්‍රථම මහාචාර්යවරිය ද වේ.
මහාචාර්ය යමුනා හේරත් මහත්මියට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උණුසුම් සුභ පැතුම්.
පුරාවිද්‍යා අධ්‍යයනාංශය