රසායනාගාර පුහුණු වැඩමුළුව - 2022

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ සිව්වන වසර ශිෂ්‍ය කණ්ඩායම සඳහා පුරාවස්තු සංරක්ෂණය සහ බිතුසිතුවම් සංරක්ෂණය පිළිබඳ පුහුණු වැඩමුළුවක් 2022/11/28 වන දින සිට 2022/12/02 වන දින දක්වා මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරිය ව්‍යාපෘතිය රසායනාගාර පරිශ්‍රයේ සහ දඹුල්ල ආචාර්ය රෝලන්ඩ් සිල්වා බිතුසිතුවම් සංරක්ෂණය හා පර්යේෂණ ආයතනයේ දී පැවැත්විය. ඒ සඳහා අවස්ථාව සලසා දුන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ මහතාටත්, සීගිරිය ව්‍යාපෘති කළමණාකාර උපුල් නිශාන්ත මහතාටත්, දඹුල්ල ව්‍යාපෘති කළමණාකාර අජිත් ජයසුන්දර මහතාටත්, පුහුණු වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය ලබාදුන් රසායනාගාර සංරක්ෂණ නිලධාරි මේනකා රෝෂණී රුද්‍රිගෝ මහත්මියටත්, බිතුසිතුවම් සංරක්ෂණ නිලධාරී සාන්ත කරුණාරත්න මහතාටත්, ජ්‍යෙෂ්ඨ බිතුසිතුවම් නිලධාරි අතුල පනාමල්දෙණිය මහතාටත්, විද්‍යාත්මක සහකාර, බාහිර කථිකාචාර්ය ජයම්පත් සේනානායක මහතා ඇතුළු සියලු දෙනාට පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ විශේෂ ස්තූතිය ප්‍රකාශ කරමි. පුහුණු වැඩමුළුව සඳහා ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කළ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යායය (ධුරයේ කාර්යයන් ඉටු කරන) මහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංශ නාහිමි, බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය ඉලුකේවල ධම්මරතන හිමි, වැඩබලන ලේඛකාධිකාරී ඊ. ඒ ගුණසේන මහතා, මූල්‍යාධිකාරී එම්. ඒ. වී. එස් ගුණවර්ධන මහතා ඇතුළු සහාය ලබාදුන් සියලු දෙනා ද ගෞරවයෙන් සිහිපත් කරමි.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය බැරගම සද්ධානන්ද හිමි

අංශාධිපති (පුරාවිද්‍යා අධ්‍යයනාංශය)

තවත් ඡායාරූප:https://tinyurl.com/2dhaeywz

S6.jpeg

S19.jpeg

S21.jpeg

Posted in News on Dec 05, 2022

Upcoming Events

Feb

27

27 Feb - 01 Mar
සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය - බෞද්ධ උරුම ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා පාඨමාලාව 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

25

25 Feb - 04 Mar
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2025 මාර්තු
<b>ශාස්ත්‍රවේදී (බාහිර) �...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

19

19 Feb - 26 Feb
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබාගැනීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2016/2017/2018/2019 අධ්‍යයන වර්ෂ
උක්ත පාඨමාලාවට අදාළව 202...

Feb

19

19 Feb - 24 Feb
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (external) degree examination i - march - 2025
2025 මාර්තු මස පැවති ශාස්�...

Exam Results
See latest exam results