සෙල්ලිපි පිටපත් කිරීම පිළිබඳ එක්දින වැඩමුළුව - 2022

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ දෙවන වසර ශිෂ්‍ය කණ්ඩායම සඳහා සෙල්ලිපි පිටපත් කිරීම හා වාර්තාකරණය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් 2022/07/27වන දින ආණමඩුව තෝනිගල පුරාවිද්‍යා පරිශ්‍රයේ දී පැවැත්විණි. ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන හා නාණකවිද්‍යා අංශයේ සංවර්ධන නිලධාරි පූජ්‍ය කන්තලේ සුමිත්ත හිමි, හලාවත පුරාවිද්‍යා කලාප භාර නිලධාරි පූජ්‍ය රඹෑවේ ධම්මවිජය හිමි, අභිලේඛන සහකාර කේ. පී. ජනක මහතා, තෝනිගල කලාප භාර නිලධාරි එල්. එම්. පී. ලියනගේ මහතා සහ ආචාර්ය ඉෂංඛ මල්සිරි මහතා ඇතුළු පිරිස විශේෂ සම්පත්දායකත්වය ලබාදුන්හ.

එක්දින පුහුණු වැඩමුළුව සඳහා අවසරය ලබාදුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතාටත්, සහකාර අධ්‍යක්ෂ නාමල් කොඩිතුවක්කු මහතාටත්, තෝනිගල කලාප භාර නිලධාරි එල්. එම්. පී. ලියනගේ මහතාටත්, ප්‍රතිපාදන ලබාදීම සඳහා කටයුතු කළ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ වැඩබලන මහෝපාධ්‍යායය මහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංස නාහිමි, බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය ඉලුකේවෙල ධම්මරතන හිමි, වැඩබලන ලේඛකාධිකාරී ඊ. ඒ. ගුණසේන මහතා, මූල්‍යාධිකාරි එම්. ඒ. වී. එස්. ගුණවර්ධන මහතාටත්, විශේෂ සම්පත් දායකත්වය සහ සහාය ලබාදුන් සියලු දෙනාටත් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ විශේෂ ස්තුතිය පිරිනැමේ.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි

අංශාධිපති, පුරාවිද්‍යා අධ්‍යයන අංශය.

තවත් ඡායාරූප:https://tinyurl.com/yc59afun

WhatsApp Image 2022.png

WhatsApp Image 2022-07-28 at 2.41.10 PM (1).png

Posted in News on Aug 01, 2022

Upcoming Events

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

05

05 Mar - 13 Mar
සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණය - දෙවන අදියර - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

25

25 Feb - 04 Mar
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2025 මාර්තු
<b>ශාස්ත්‍රවේදී (බාහිර) �...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Exam Results
See latest exam results