පුරාවිද්‍යා කැණීම් ක්‍රියාවලිය පිළිබඳ ප්‍රායෝගික වැඩමුළුව

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ දෙවන හා තෙවන වසර ශිෂ්‍ය කණ්ඩායම් සඳහා පුරාවිද්‍යා කැණීම් ක්‍රියාවලිය පිළිබඳ ප්‍රායෝගික වැඩමුළුවක් 2021/12/10 වන දින පොළොන්නරුවේ දෙමළ මහා සෑය පරිශ්‍රයේ දී ආරම්භ කෙරිණි. ඒ සඳහා විශේෂ සම්පත් දායකයෙකු ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධාන කැණීම් නිලධාරි ඇල්.වී.ඒ. ද මැල් මහතා සහභාගී විය. කැණීම් සඳහා භූමිය සකස් කර ගැනීම, පස් ඉවත් කිරීම, පාංශු ස්තර හඳුනා ගැනීම, සැලසුම්කරණය හා කියවීම, සංසිද්ධි පත්‍රිකා සකස් කිරීම හා කියවීම, ස්තර අර්ථකථනය, මැටි්‍රක්ස් නිර්මාණය සහ c14 පරීක්ෂණ සඳහා අඟුරු නියැදි ලබා ගැනීම පිළිබඳව ශිෂ්‍යයන්ට ප්‍රායෝගික පුහුණුව ලබාදෙන ලදි.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පුජ්‍ය බැරගම සද්ධානන්ද හිමි, කථිකාචාර්ය ආචාර්ය ඉෂංඛ මල්සිරි මහතා සහ පුරාවිද්‍යා නිලධාරි නිලංක උදාර ජයරත්න මහතා ඒ සඳහා සහභාගි වූහ. මෙම වැඩමුළුව සාර්ථක කරගැනීම සඳහා සහාය දැක් වූ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ වැඩබලන මහෝපාධ්‍යාය මහාචාර්ය පුජ්‍ය නෙලුවේ සුමනවංස හිමිපාණන් වහන්සේටත්, බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපති, පූජ්‍ය ඉලුකේවෙල ධම්මරතන හිමියන්ටත්, මූල්‍යාධිකාරි සුමේධ ගුණවර්ධන මහතාටත්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ගාමිණි රණසිංහ මහතාටත්, පොළොන්නරුව ආළාහන පිරිවෙන ව්‍යාපෘති කළමනාකාර ජානගේ විමලදාස මහතාටත්, ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යා නිලධාරි ප්‍රියන්ත මාරසිංහ මහතාටත්, ජ්‍යෙෂ්ඨ සංරක්ෂණ නිලධාරි තිස්ස බණ්ඩාර මහතාටත්, විශේෂ සම්පත් දායකත්වයෙන් සහාය දැක් වූ පුරාවිද්‍යා දෙපාර්තමේනතුවේ හිටපු ප්‍රධාන කැණීම් නිලධාරි ඇල්.වී.ඒ. ද මැල් මහතා ඇතුලු සියලු දෙනාටත් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ විශේෂ ස්තුතිය පිරිනැමේ.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි

අංශාධිපති, පුරාවිද්‍යා අධ්‍යයන අංශය.

තවත් ඡායාරූප හා තොරතුරු

WhatsApp Image 2021-12-14 at 21.49.57 11.jpg

WhatsApp Image 2021-12-15 at 12.35.19 n.jpg

WhatsApp Image 2021-12-14 at 21.49.58 mm.jpg

Posted in News on Dec 15, 2021

Upcoming Events

Mar

19

19 Mar - 24 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (fourth year first semester examination) - 2025
2025 නොවැම්බර් සහ දෙසැම්�...

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Exam Results
See latest exam results