පුස්කොළ සංරක්ෂණය පිළිබඳ ප්‍රායෝගික වැඩමුලුවේ දෙවැනි අදියර

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශය මගින් යෝජිත පුස්කොළ ලේඛන අධ්‍යයන හා සංරක්ෂණ ඒකකය පිහිටුවීමට පූර්ව පියවරක් වශයෙන් අප්‍රේල් මස 23 වන දින බෙලිඅත්ත ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ දී ආරම්භ කෙරුණු පුස්කොළ සංරක්ෂණය පිළිබඳ ප්‍රායෝගික වැඩමුලුවේ දෙවැනි අදියර ඉකුත් 24-27 දිනවල සාර්ථකව ක්‍රියාත්මක කෙරුණි. එහි දී පුස්කොළ ලේඛන කලු මැදීම සඳහා අවශ්‍ය ද්‍රව්‍යමය සම්පත් සම්පූර්ණ කර ගැනීම සඳහා වන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සිසුන්ව පුහුණු කරවන ලදි. ගැඩුඹ ගසක් කපා ගැනීමේ සිට එය කැබලි කිරීම, පිළිස්සීම, අඟුරු වෙන්කරගැනීම හා කුඩු බවට පත්කරගැනීමටත්, නිස්සාරණ ක්‍රියාවලිය මගින් දුම්මල තෙල් නිෂ්පාදනය කර ගැනීමටත් අදාළ කටයුතු මෙහි දී සිදු විය. දුම්මල තෙල් නිස්සාරණ කටයුතුවල දී බෙලිඅත්ත පොලිසියේ නිලධාරීන්ගේ සහාය ලැබීම ද කැපී පෙනුණි. සිසුන්ගේ කටයුතු අධීක්ෂණය හා අවශ්‍ය මඟපෙන්වීම් සිදු කිරීම සඳහා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමියන්ට අමතරව පුරාවිද්‍යා නිලධාරීන් වන නිලංක උදාර ජයරත්න මහතාත්, පූජ්‍ය ගම්මහේගේවැව අමිත හිමියනුත් සහභාගි වී සිටියහ. මෙම වැඩමුලුවේ තෙවන අදියර යටතේ පුස්කොළ ලේඛන කලු මැදීම සිදු කිරීමට අපේක්ෂිතයි.

කථිකාචාර්ය ආචාර්ය. ඉෂාන්ක මල්සිරි - පුරාවිද්‍යා අධ්‍යයන අංශය

Posted in News on May 04, 2021

Upcoming Events

Dec

22

22 Dec - 08 Jan
විශේෂ නිවේදනය (අභ්‍යන්තර සිසුන් සඳහා) / notice for internal students
2025 නොවැම්බර්/දෙසැම්බර්...

Dec

22

22 Dec - 25 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (third second semester examination) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Dec

16

16 Dec - 07 Jan
සංශෝධිත විභාග කාලසටහන / amended timetable - first & second semester examinations - november, december, january 2025
පළමු වසර දෙවන සමාසික ස�...

Dec

16

16 Dec - 20 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (general) external degree examination i - june/ july 2024
2024 ජූලි සහ ජූනි මාසයන්හ�...

Dec

05

05 Dec - 13 Dec
2025 නොවැම්බර්/දෙසැම්බර් විභාග පරීක්‍ෂණය සම්බන්ධවයි/ regarding the november/december 2025 examination
2025 නොවැම්බර්/දෙසැම්බර්...

Dec

05

05 Dec - 31 Dec
ඩිප්ලෝමා සහ උසස් පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - registration of candidates for diploma & advanced diploma courses - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Exam Results
See latest exam results