පුරාවිද්‍යා ශික්ෂණ කෞතුකාගාරය සඳහා පුරාවස්තු ලබාගැනීම

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ස්ථාපිත ශික්ෂණ කෞතුකාගාරය සඳහා පුරාවස්තු ලබාගැනීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට 2022.02.10 වන දින ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය මහාචාර්ය නෙලුවේ සුමනවංශ නාහිමි සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා අත්සන් තැබීය.

එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉලුකේවෙල ධම්මරතන හිමි, පුරාවිද්‍යා අධ්‍යනාංශ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි, මහාචාර්ය යමුනා හේරත් මහත්මිය, ආචාර්ය ඉෂංඛ මල්සිරි මහතා සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කෞතුකාගාර අංශයේ පුරාවිද්‍යා නිලධාරිනි ඉනෝකා දිසානායක මෙනෙවිය ඇතුලු නිලධාරීන් සහභාගි වූහ.

මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා සහාය දැක් වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වර්තමාන අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා, හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා,සහකාර අධ්‍යක්ෂ සමින්ද කොරඹගේ මහතා, පුරාවිද්‍යා නිලධාරිනී ඉනෝකා දිසානායක මෙනෙවිය, අනුරාධපුරය හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා කාර්යාලයන්හි සහකාර අධ්‍යක්ෂක ඇතුලු නිලධාරි මණ්ඩලයටත්, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ වර්තමාන මහෝපාධ්‍යාය මහාචාර්ය නෙලුවේ සුමනවංශ නාහිමි, හිටපු මහෝපාධ්‍යාය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි නාහිමි, බෞද්ධ අධ්‍යයන පීඨාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉලුකේවෙල ධම්මරතන නාහිමි, බෞද්ධ අධ්‍යයන පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය සමන්ත ඉලංගකෝන් මහතා, පුරාවිද්‍යා අධ්‍යනාංශයේ හිටපු අංශාධිපතිනි මහාචාර්ය සස්නි අමරසේකර මහත්මිය, මහාචාර්ය යමුනා හේරත් මහත්මිය, ආචාර්ය ඉෂංඛ මල්සිරි මහතා ඇතුලු සියලු දෙනාට ගෞරවණීය ස්තුතිය ප්‍රකාශ කරමි.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි

අංශාධිපති, පුරාවිද්‍යා අධ්‍යයන අංශය.

(ඡායාරූපවල අයිතිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු ය.)

තවත් ඡායාරූප[:https://www.facebook.com/bpusrilanka/posts/2687115291433826/)

WhatsApp Image 5.jpg

WhatsApp Image 3.jpg

WhatsApp Image 1.jpg

Posted in News on Feb 15, 2022

Upcoming Events

Feb

27

27 Feb - 01 Mar
සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය - බෞද්ධ උරුම ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා පාඨමාලාව 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

25

25 Feb - 04 Mar
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2025 මාර්තු
<b>ශාස්ත්‍රවේදී (බාහිර) �...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

19

19 Feb - 26 Feb
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබාගැනීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2016/2017/2018/2019 අධ්‍යයන වර්ෂ
උක්ත පාඨමාලාවට අදාළව 202...

Feb

19

19 Feb - 24 Feb
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (external) degree examination i - march - 2025
2025 මාර්තු මස පැවති ශාස්�...

Exam Results
See latest exam results