පුරාවිද්‍යා ශික්ෂණ කෞතුකාගාරය සඳහා පුරාවස්තු ලබාගැනීම

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ස්ථාපිත ශික්ෂණ කෞතුකාගාරය සඳහා පුරාවස්තු ලබාගැනීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට 2022.02.10 වන දින ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය මහාචාර්ය නෙලුවේ සුමනවංශ නාහිමි සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා අත්සන් තැබීය.

එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉලුකේවෙල ධම්මරතන හිමි, පුරාවිද්‍යා අධ්‍යනාංශ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි, මහාචාර්ය යමුනා හේරත් මහත්මිය, ආචාර්ය ඉෂංඛ මල්සිරි මහතා සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කෞතුකාගාර අංශයේ පුරාවිද්‍යා නිලධාරිනි ඉනෝකා දිසානායක මෙනෙවිය ඇතුලු නිලධාරීන් සහභාගි වූහ.

මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා සහාය දැක් වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වර්තමාන අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා, හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා,සහකාර අධ්‍යක්ෂ සමින්ද කොරඹගේ මහතා, පුරාවිද්‍යා නිලධාරිනී ඉනෝකා දිසානායක මෙනෙවිය, අනුරාධපුරය හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා කාර්යාලයන්හි සහකාර අධ්‍යක්ෂක ඇතුලු නිලධාරි මණ්ඩලයටත්, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ වර්තමාන මහෝපාධ්‍යාය මහාචාර්ය නෙලුවේ සුමනවංශ නාහිමි, හිටපු මහෝපාධ්‍යාය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි නාහිමි, බෞද්ධ අධ්‍යයන පීඨාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉලුකේවෙල ධම්මරතන නාහිමි, බෞද්ධ අධ්‍යයන පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය සමන්ත ඉලංගකෝන් මහතා, පුරාවිද්‍යා අධ්‍යනාංශයේ හිටපු අංශාධිපතිනි මහාචාර්ය සස්නි අමරසේකර මහත්මිය, මහාචාර්ය යමුනා හේරත් මහත්මිය, ආචාර්ය ඉෂංඛ මල්සිරි මහතා ඇතුලු සියලු දෙනාට ගෞරවණීය ස්තුතිය ප්‍රකාශ කරමි.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි

අංශාධිපති, පුරාවිද්‍යා අධ්‍යයන අංශය.

(ඡායාරූපවල අයිතිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු ය.)

තවත් ඡායාරූප[:https://www.facebook.com/bpusrilanka/posts/2687115291433826/)

WhatsApp Image 5.jpg

WhatsApp Image 3.jpg

WhatsApp Image 1.jpg

Posted in News on Feb 15, 2022

Upcoming Events

Nov

21

21 Nov - 26 Dec
සංශෝධිත විභාග කාලසටහන / amended timetable - first & second semester examinations - november, december 2025
පළමු වසර දෙවන සමාසික ස�...

Oct

31

31 Oct - 11 Nov
විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය කිරීම/ re-scrutinization of marks and grades
2025 මැයි/ජුනි පැවති දෙවන ...

Oct

29

29 Oct - 31 Oct
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (second & fourth year second semester examinations) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Oct

20

20 Oct - 23 Oct
නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing re- scrutinization results may, june - 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Oct

15

15 Oct - 17 Oct
Special notice from internal examinations division
<b>සියලුම අභ්‍යන්තර සිස�...

Oct

09

09 Oct - 12 Nov
ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2021/2022 විභාග කාලසටහන - iii පරීක්ෂණය - 2025 ඔක්තෝබර්
2025 ඔක්තෝම්බර් 27 දින සිට �...

Exam Results
See latest exam results