පුස්කොළ සංරක්ෂණය පිළිබඳ ප්‍රායෝගික වැඩමුලුව

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශය මගින් යෝජිත පුස්කොළ ලේඛන අධ්‍යයන හා සංරක්ෂණ ඒකකය පිහිටුවීමට පූර්ව පියවරක් වශයෙන් පුස්කොළ සංරක්ෂණය පිළිබඳ ප්‍රායෝගික වැඩමුලුවක් අප්‍රේල් මස 23 වන දින බෙලිඅත්ත ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ දී ආරම්භ කෙරිණි. එම විහාරාධීශ්වර ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය ගැටමාන්නේ ලංකානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සමාරම්භක උත්සවය සඳහා පුරාවිද්‍යා ගෞරව උපාධිය හදාරන තෙවන වසර ගිහි පැවිදි විද්‍යාර්ථින් නව දෙනෙකු පුහුණුව ලබන්නන් ලෙස සහභාගි වී සිටියහ. ගැටමාන්න දකුණ මහා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය හා සිසු ප්‍රජාව නියෝජනය කරමින් තිහක පමණ පිරිසක් මෙම අවස්ථාවට සම්බන්ධව සිටීම කැපී පෙනුණි. සමාරම්භක උත්සවයේ පිළිගැනීම හා අරමුණ පැහැදිලි කිරීම පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය බැරගම සද්ධානන්ද හිමියන් විසින් සිදු කරන ලද අතර, මහාචාර්ය යමුනා හේරත් මැතිණිය ද මෙම කාර්යභාරයේ වැදගත්කම අගයමින් අදහස් දැක්වූවා ය. ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සංරක්ෂණ හා ප්‍රතිස්ථාපන අංශයේ සහකාර අධ්‍යක්ෂ උදය කබ්රාල් මැතිතුමන් විසින් පුස්කොළ ලේඛන හා ලේඛන සංරක්ෂණයට අදාළව විශේෂ දේශනය පවත්වන ලදි. ආචාර්ය ඉෂංඛ මල්සිරි සමාරම්භක උත්සවයේ කටයුතු මෙහෙයවී ය. ප්‍රායෝගික පුහුණු කටයුතුවල ආරම්භය එදින සවස් කාලයේ ආරම්භ කෙරුණු අතර ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සංරක්ෂණ හා ප්‍රතිස්ථාපන අංශයේ නිලධාරීන් කිහිප දෙනෙක් සම්පත්දායකයින් වශයෙන් සහභාගි වූහ. මෙම වැඩමුලුව 2021-04-23 සිට 2021-05-05 දක්වා දෙසතියක් මුලුල්ලේ පැවැත්වීමට නියමිත ය. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන් වන පුරාවිද්‍යා නිලධාරී නිලංක උදාර ජයරත්න හා පූජ්‍ය ගම්මහේගේවැව අමිත හිමියන්ගේ සහාය ද ඒ සඳහා ලැබී තිබේ. පුස්කොළ ලේඛන පුහුණු වැඩමුලුව සාර්ථක කර ගැනීම සඳහා මහත් පිටුබලයක් සැපයූ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ වැඩබලන මහෝපාධ්‍යාය පූජ්‍ය නෙලුවේ සුමනවංශ හිමිපාණන් වහන්සේටත්, බෞද්ධ අධ්‍යයන පීඨාධිපති මහාචාර්ය සමන්ත ඉලංගකෝන් මැතිතුමන්ටත්, අවශ්‍ය භෞතික හා මූල්‍ය පහසුකම් සැලසූ ලේඛකාධිකාරීතුමන්ට හා මූල්‍යාධිකාරීතුමන්ටත් පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ විශේෂ ස්තුතිය පිරිනැමේ.

WhatsApp Image 2021-04-24 at 8.15.41 PM.jpeg

WhatsApp Image 2021-04-24 at 8.15.42 PM.jpeg

WhatsApp Image 2021-04-24 at 8.15.44 PM.jpeg

WhatsApp Image 2021-04-24 at 8.15.45 PM (1).jpeg

WhatsApp Image 2021-04-24 at 8.15.53 PM.jpeg

Posted in News on Apr 23, 2021

Upcoming Events

Mar

26

26 Mar - 06 Apr
අභ්‍යන්තර විභාග සඳහා අයදුම්පත් කැඳවීම / calling applications for internal examinations - may/ june 2025
2025 මැයි/ ජුනි මාසයන්හි ප...

Mar

19

19 Mar - 26 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - tamil language courses - november 2024
2024 නොවැම්බර් මස පැවැති �...

Mar

14

14 Mar - 30 Apr
Registration for english language coursers
Applications are called from suitably qualified candidates u...

Feb

28

28 Feb - 15 Mar
Invitaion for bids (ifb) supply, delivery and installation of 06 nos air conditioners
The Chairman, Department Procurement Committee (DPC) on beha...

Feb

27

27 Feb - 31 Mar
විභාග කාලසටහන - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2023/2024 - i පර්‍රක්ෂණය
2025 මාර්තු 14 දින සිට ආරම්�...

Feb

27

27 Feb - 05 Mar
ශ්‍රේණිගත කිරීමේ පරීක්ෂණ පැවැත්වීම - දෙමළ භාෂා පාඨමාලාව - 2025
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Exam Results
See latest exam results