Event Details

Uploading of answer sheets for the Second-Semester Online Examinations - 2022 January/ February

දෙවන සමාසික මාර්ගගත පරීක්ෂණයේ පිළිතුරු පත් භාර දීම සම්බන්ධවයි - 2022 ජනවාරි/ පෙබරවාරි

පළමු, දෙවන, තෙවන වසර සඳහා දෙවන සමාසික පරීක්ෂණ 2022.01.18 දින සිට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ආරම්භ වේ. එම පරීක්ෂණයේදී පිළිතුරුපත් උඩුගත කිරීම සම්බන්ධයෙන් පහත නිර්ණායක අනුව කටයුතු කරන ලෙසට සියලු සිසුන් වෙත දැනුම් දෙනු ලැබේ.

1. පිළිතුරු පත් උඩුගත කිරීමට පැය භාගයක කාලයක් ලබාදෙන අතර එම කාලය තුළ පිළිතුරු පත් අනිවාර්යෙන්ම උඩුගත කළ යුතුවේ.
2. අදාළ කාලසීමාවෙන් පසු ව එවනු ලබන පිළිතුරුපත් ප්‍රතික්ෂේප කරනු ලැබේ. එවන් අවස්ථාවකදී පැමිණීමේ ලේඛනයේ "පිළිතුරු පත්‍රය ලැබී නැත" යනුවෙන් සටහන් කරනු ලැබේ.
3. තම ජංගම දුරකථන, පරිඝනක සම්පූර්ණයෙන්ම බලය ආරෝපණය කර (full charge) තබා ගැනීම හෝ power bank, අමතර උපාංග සපයා තබාගැනීමට සිසුන් වෙත තරයේ උපදෙස් දෙනු ලැබේ.
4. යම් හෙයකින් විදුලිය බිඳ වැටීමක දී පිළිතුරුපත් උඩුගත කිරීමට බාධා වුවහොත් ඒ පිළිබඳව අදාළ ග්‍රාමසේවක වසමේ ග්‍රාමසේවක/ ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු නිර්දේශය සහිතව පිළිතුරුපත් එවිය යුතුවේ.
5. අදාළ ප්‍රශ්න පත්‍රය අවසන් වූ වහාම එදිනම හෝ ඊට පසුදිනම අදාළ පිළිතුරුපත් සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග), ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, නො 37, මොරගහහේන පාර, හෝමාගම යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. ලිපි කවර ඉහළ වම් කෙළවර ප්‍රශ්න පත්‍රයේ විෂය අංකය සටහන් කිරීම අනිවාර්යය වේ.

(මෙම නිර්ණායක සනාතන සභාවේ ආවරණ අනුමැතියට යටත්ව නිකුත් කරනු ලැබේ.)

ගෞරවාර්හ මහෝපාධ්‍යායන් වහන්සේ
(ධුරයේ කාර්යයන් ඉටුකරන)
2022.01.13


Regarding the uploading of answer sheets for the Second Semester Online Examinations - 2022 January/ February

All students will be informed that the second-semester examinations for the first, second and third years will commence on 18.01.2022 through the online methodology and the following criteria will be followed regarding the uploading of answers in that examination.

1. Answer sheets are given half an hour (30 minutes) to upload and within that time the answer sheets must be uploaded.
2. Responses sent after the relevant period will be rejected. In such a case the attendance register will say "Answer sheet not received".
3. Students are strongly advised to keep their mobile phones, computers fully charged and/ or keep a power bank or additional devices.
4. In case of any interruption in the uploading of answer sheets in case of a power outage, the relevant Grama Niladhari / Divisional Electrical Engineer's recommendation should be sent with the answer sheets.
5. Relevant question papers should be sent by registered post to the Assistant Registrar (Internal Examinations), Buddhist and Pali University of Sri Lanka, No. 37, Moragahahena Road, Homagama on or immediately after the completion of the relevant question paper. It is mandatory to note the subject code of the question paper in the upper left corner of the envelope.

(This Criterion is issued subject to the cover approval of the Senate)

Venerable Vice-Chancellor
(Performance of the duties)
13.01.2022

Posted on Jan 14, 2022

Upcoming Events

Dec

05

05 Dec - 13 Dec
2025 නොවැම්බර්/දෙසැම්බර් විභාග පරීක්‍ෂණය සම්බන්ධවයි/ regarding the november/december 2025 examination
2025 නොවැම්බර්/දෙසැම්බර්...

Dec

05

05 Dec - 31 Dec
ඩිප්ලෝමා සහ උසස් පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - registration of candidates for diploma & advanced diploma courses - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Dec

03

03 Dec - 17 Dec
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබාගැනීම - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2016/2017/2018/2019 අධ්‍යයන වර්ෂ
උක්ත පාඨමාලාවට අදාළව 202...

Dec

01

01 Dec - 31 Dec
පශ්චාද් උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීම/ registration for postgraduate degree studies - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Dec

01

01 Dec - 31 Dec
ඩිප්ලෝමා පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - registration of candidates for diploma courses - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Dec

01

01 Dec - 27 Jan
සහතිකපත් හා ඩිප්ලෝමා පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - registration of candidates for certificate and diploma courses - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Exam Results
See latest exam results