Event Details

පීඨ ශිෂ්‍ය සංගම් නිලවරණය සඳහා නාමයෝජනා කැඳවීම - 2021

බෞද්ධ අධ්‍යයන පීඨය හා භාෂා අධ්‍යයන පීඨය සඳහා එක් එක් පිඨ ශිෂ්‍ය සංගමය බැගින් පිහිටුවා ගැනීම පිණිස කෝවිඩ් - 19 වසංගත තත්ත්වය මත මාර්ගගතව නාම යෝජනා කැඳවීම පහත සඳහන් පරිදි සිදු කරනු ලැබේ.

බෞද්ධ අධ්‍යයන පීඨය
දිනය : 2021 අගෝස්තු මස 18 දින
වේලාව : පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 දක්වා
ස්ථානය : බෞද්ධ අධ්‍යයන පීඨ කාර්යාලයේ දී

භාෂා අධ්‍යයන පිඨය
දිනය : 2021 අගෝස්තු මස 18 දින
වේලාව : පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 දක්වා
ස්ථානය : භාෂා අධ්‍යයන පීඨ කාර්යාලයේ දී

නාමයෝජනා ඉදිරිපත් කිරීම මෙහි ප්‍රදර්ශනය කර ඇති ආකෘති පත්‍රය අනුව සිදු කළ යුතුය. ආකෘති පත්‍රය විශ්වවිද්‍යාලයීය වෙබ් අඩවියෙන් බාගත කර ගත යුතුය. අදාළ ආකෘති පත්‍රය පුරවා යෝජක හා ස්ථිර කරන්නාගේ අත්සන් ලබා ගෙන තිදෙනාගේ ම ශිෂ්‍ය වාර්තා පොතේ ශිෂ්‍යයාගේ නම සහ අත්සන සඳහන් පිටුවේ ඡායා පිටපත් තුනක් (03) සමඟ 2021.08.18 දින පෙ.ව. 10.00 පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපැල් මගින් පමණක් එවිය යුතුය.

නාමයෝජනා ආකෘති පත්‍රය සහ විස්තර පත්‍රිකාව මෙතැනින් ලබා ගන්න.

ලේඛකාධිකාරී
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

Posted on Aug 03, 2021

Upcoming Events

Nov

24

24 Nov - 25 Nov
විශේෂ නිවේදනය
2025 නොවැම්බර්/දෙසැම්බර්...

Nov

21

21 Nov - 26 Dec
සංශෝධිත විභාග කාලසටහන / amended timetable - first & second semester examinations - november, december 2025
පළමු වසර දෙවන සමාසික ස�...

Oct

31

31 Oct - 11 Nov
විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය කිරීම/ re-scrutinization of marks and grades
2025 මැයි/ජුනි පැවති දෙවන ...

Oct

29

29 Oct - 31 Oct
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (second & fourth year second semester examinations) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Oct

20

20 Oct - 23 Oct
නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing re- scrutinization results may, june - 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Oct

15

15 Oct - 17 Oct
Special notice from internal examinations division
<b>සියලුම අභ්‍යන්තර සිස�...

Exam Results
See latest exam results