Practical Workshop on the Conservation Process of Archaeology Monuments

පුරාවිද්‍යා ස්මාරක සංරක්ෂණ ක්‍රියාවලිය පිළිබඳ ප්‍රායෝගික පුහුණුව ලබා දීම

A workshop about the Conservation process of Archaeology monuments for third year students,Department of Archaeology, Buddhist and Pali University of Sri Lanka was held at Demala maha seya Premises in Polonnaruwa Since 10.12.2021 up to 22.12.2021. It focused the attention on the Conservation process of Demala maha seya, Using materials, Preparing estimate sheets for the Conservation process, making Archaeology draughts and Photography. Mr. Tissa Bandara, Senior Conservator officer of Alahana Pirivena project, Mr. Siriwardana welivitagoda, Conservation instructer, Mrs. D. I. Ranatunga, Draftsman and Mr. Kusumsiri, Photographer of Alahana Piriwena project gave their tremendous support as resource persons. Senior Lecturer Ven. Beragama Saddhananda thero, head of the Department, Department of Archaeology, Buddhist and Pali University of Sri Lanka, Dr. Ishankha Malsiri, Visiting lecturer Nilanka Udara Jayaratne also participated for this event. We pay our special gratitude to Most Venerable Neluwe Sumanawansa thero, acting vice Chancellor of Buddhhist and Pali University of Sri Lanka, Ven. Ilukewela Dhammaratana, Dean, Faculty of Buddhist Studies, Mr. Sumedha Gunawardhane, Bursar, Prof. Gamini Ranasinghe, Director General of CCF, Mr. Janage Wimaladasa, Project manager of Alahana Pirivena project, Mr. Tissa Bandara, Senior Conservator and Mr, Siriwardana Welivitigoda, Conservation Instructor for their support to succeed this field workshop.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ විශේෂවේදී තෙවන වසර ශිෂ්‍ය කණ්ඩායම සඳහා පුරාවිද්‍යා ස්මාරක සංරක්ෂණය ක්‍රියාවලිය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් 2021.12.10 වන දින සිට 2021.12.22 දින දක්වා පොළොන්නරුව ආළාහන පිරිවෙන ව්‍යාපෘතියට අයත් දෙමළ මහා සෑය පරිශ්‍රයේ දී පැවැත්විණි. එහිදී දෙමළ මහා සෑයේ (මධ්‍ය ස්තූපයේ) සංරක්ෂණ ක්‍රියාවලිය, ද්‍රව්‍ය භාවිතය, සංරක්ෂණ ඇස්තමේන්තු සැකසීම, පුරාවිද්‍යාත්මක සැලසුම්කරණය හා ඡායාරූපකරණය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරුණි. පොළොන්නරුව ආළාහන පිරිවෙන ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ සංරක්ෂණ නිලධාරි තිස්ස බණ්ඩාර මහතා, සංරක්ෂණ උපදේශක සිරිවර්ධන වැලිවිටගොඩ මහතා, සංරක්ෂණ නිලධාරි සරත් කුමාර මහතා, සැලසුම් ශිල්පිනී දිලානි ඉමල්කා රණතුංග මහත්මිය සහ ඡායාරූප ශිල්පී කුසුම්සිරි මහතා ඇතුලු පිරිස විශේෂ සම්පත් දායකත්වය ලබා දුන්හ. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි, ආචාර්ය ඉෂංඛ මල්සිරි මහතා සහ බාහිර කථිකාචාර්ය නිලංක උදාර ජයරත්න මහතා ද ඒ සඳහා සහභාගි වූහ. මෙම ක්ෂේත්‍ර පුහුණුව සාර්ථක කර ගැනීම සඳහා සහාය දැක්වූ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ වැඩබලන මහෝපාධ්‍යාය මහාචාර්ය පූජ්‍ය නෙලුවේ සුමනවංස හිමිපාණන් වහන්සේටත්, බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපති, පූජ්‍ය ඉලුකේවෙල ධම්මරතන හිමියන්ටත්, මූල්‍යාධිකාරි සුමේධ ගුණවර්ධන මහතාටත්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ගාමිණි රණසිංහ මහතාටත්, පොළොන්නරුව ආළාහන පිරිවෙන ව්‍යාපෘති කළමනාකාර ජානගේ විමලදාස මහතාටත්, ජ්‍යෙෂ්ඨ සංරක්ෂණ නිලධාරි තිස්ස බණ්ඩාර මහතාටත්, සංරක්ෂණ උපදේශක සිරිවර්ධන වැලිවිටගොඩ මහතා ඇතුලු සියලු දෙනාට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ විශේෂ ස්තුතිය පිරිනැමේ.

Senior lecturer, Ven. Beragama Saddhananda thero,

Head of the Department, Department of Archaeology.

More Pictures: https://www.facebook.com/bpusrilanka/posts/2650129708465718

WhatsApp Image 2021-12-28 at 21.55.20 ii.jpg

WhatsApp Image 2021-12-28 at 21.55.22 ii.jpg

Posted in News on Jan 03, 2022

Upcoming Events

May

30

30 May - 17 Jun
Vacancy - post of registrar
Buddhist and Pali University of Sri Lanka, will entertain ap...

May

28

28 May - 27 Jun
විභාග කාලසටහන සංශෝධන කිරීම පළමු වසර දෙවන සමාසික පරීක්‍ෂණය - 2025 මැයි/ජුනි
.2025 මැයි/ජුනි මාසයන්හි ප...

May

27

27 May - 30 Jun
Updated - සංශෝධිත විභාග කාලසටහන / amended timetable - may-june 2025
2025 මැයි/ ජූනි මාසයන්හි ප...

May

21

21 May - 27 May
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (general) external degree examination iii - august, 2024
2024 අගෝස්තු මස පැවති ශාස�...

Apr

30

30 Apr - 30 May
විශ්වවිද්‍යාල ප්‍රවේශය (දේශීය අභ්‍යන්තර සිසුන් සඳහා) / university admission - academic year 2025/2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Apr

30

30 Apr - 09 May
විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය කිරීම/ re-scrutinization of marks and grades
2025.04.11 දින නිකුත් කළ 2024 මැ�...

Exam Results
See latest exam results