රසායනාගාර පුහුණු වැඩමුළුව - 2022

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ සිව්වන වසර ශිෂ්‍ය කණ්ඩායම සඳහා පුරාවස්තු සංරක්ෂණය සහ බිතුසිතුවම් සංරක්ෂණය පිළිබඳ පුහුණු වැඩමුළුවක් 2022/11/28 වන දින සිට 2022/12/02 වන දින දක්වා මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරිය ව්‍යාපෘතිය රසායනාගාර පරිශ්‍රයේ සහ දඹුල්ල ආචාර්ය රෝලන්ඩ් සිල්වා බිතුසිතුවම් සංරක්ෂණය හා පර්යේෂණ ආයතනයේ දී පැවැත්විය. ඒ සඳහා අවස්ථාව සලසා දුන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ මහතාටත්, සීගිරිය ව්‍යාපෘති කළමණාකාර උපුල් නිශාන්ත මහතාටත්, දඹුල්ල ව්‍යාපෘති කළමණාකාර අජිත් ජයසුන්දර මහතාටත්, පුහුණු වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය ලබාදුන් රසායනාගාර සංරක්ෂණ නිලධාරි මේනකා රෝෂණී රුද්‍රිගෝ මහත්මියටත්, බිතුසිතුවම් සංරක්ෂණ නිලධාරී සාන්ත කරුණාරත්න මහතාටත්, ජ්‍යෙෂ්ඨ බිතුසිතුවම් නිලධාරි අතුල පනාමල්දෙණිය මහතාටත්, විද්‍යාත්මක සහකාර, බාහිර කථිකාචාර්ය ජයම්පත් සේනානායක මහතා ඇතුළු සියලු දෙනාට පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ විශේෂ ස්තූතිය ප්‍රකාශ කරමි. පුහුණු වැඩමුළුව සඳහා ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කළ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යායය (ධුරයේ කාර්යයන් ඉටු කරන) මහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංශ නාහිමි, බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය ඉලුකේවල ධම්මරතන හිමි, වැඩබලන ලේඛකාධිකාරී ඊ. ඒ ගුණසේන මහතා, මූල්‍යාධිකාරී එම්. ඒ. වී. එස් ගුණවර්ධන මහතා ඇතුළු සහාය ලබාදුන් සියලු දෙනා ද ගෞරවයෙන් සිහිපත් කරමි.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය බැරගම සද්ධානන්ද හිමි

අංශාධිපති (පුරාවිද්‍යා අධ්‍යයනාංශය)

තවත් ඡායාරූප:https://tinyurl.com/2dhaeywz

S6.jpeg

S19.jpeg

S21.jpeg

Posted in News on Dec 05, 2022

Upcoming Events

Oct

02

02 Oct - 10 Oct
අභ්‍යන්තර විභාග සඳහා අයදුම්පත් කැඳවීම / calling applications for internal examinations - november-december 2025
2024/2025 අධ්‍යයන වර්ෂයේ පළම...

Sep

23

23 Sep - 15 Oct
දේශන කාලසටහන - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 2022-2023
2022/2023 ශාස්ත්‍රවේදී (සාමා...

Sep

10

10 Sep - 01 Oct
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව/ registration for examinations and seminar-master of arts degree examination-2025
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Sep

08

08 Sep - 15 Oct
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2021/2022 - iii පරීක්ෂණය - 2025 සැප්තැම්බර්
ශාස්ත්‍රවේදී (සාමාන්‍�...

Aug

18

18 Aug - 23 Aug
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (first year second semester examination) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Aug

16

16 Aug - 17 Sep
Academic vacancies
The Buddhist and Pali University of Sri Lanka invites applic...

Exam Results
See latest exam results