සෙල්ලිපි පිටපත් කිරීම පිළිබඳ එක්දින වැඩමුළුව - 2022

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ දෙවන වසර ශිෂ්‍ය කණ්ඩායම සඳහා සෙල්ලිපි පිටපත් කිරීම හා වාර්තාකරණය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් 2022/07/27වන දින ආණමඩුව තෝනිගල පුරාවිද්‍යා පරිශ්‍රයේ දී පැවැත්විණි. ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන හා නාණකවිද්‍යා අංශයේ සංවර්ධන නිලධාරි පූජ්‍ය කන්තලේ සුමිත්ත හිමි, හලාවත පුරාවිද්‍යා කලාප භාර නිලධාරි පූජ්‍ය රඹෑවේ ධම්මවිජය හිමි, අභිලේඛන සහකාර කේ. පී. ජනක මහතා, තෝනිගල කලාප භාර නිලධාරි එල්. එම්. පී. ලියනගේ මහතා සහ ආචාර්ය ඉෂංඛ මල්සිරි මහතා ඇතුළු පිරිස විශේෂ සම්පත්දායකත්වය ලබාදුන්හ.

එක්දින පුහුණු වැඩමුළුව සඳහා අවසරය ලබාදුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතාටත්, සහකාර අධ්‍යක්ෂ නාමල් කොඩිතුවක්කු මහතාටත්, තෝනිගල කලාප භාර නිලධාරි එල්. එම්. පී. ලියනගේ මහතාටත්, ප්‍රතිපාදන ලබාදීම සඳහා කටයුතු කළ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ වැඩබලන මහෝපාධ්‍යායය මහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංස නාහිමි, බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය ඉලුකේවෙල ධම්මරතන හිමි, වැඩබලන ලේඛකාධිකාරී ඊ. ඒ. ගුණසේන මහතා, මූල්‍යාධිකාරි එම්. ඒ. වී. එස්. ගුණවර්ධන මහතාටත්, විශේෂ සම්පත් දායකත්වය සහ සහාය ලබාදුන් සියලු දෙනාටත් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ විශේෂ ස්තුතිය පිරිනැමේ.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි

අංශාධිපති, පුරාවිද්‍යා අධ්‍යයන අංශය.

තවත් ඡායාරූප:https://tinyurl.com/yc59afun

WhatsApp Image 2022.png

WhatsApp Image 2022-07-28 at 2.41.10 PM (1).png

Posted in News on Aug 01, 2022

Upcoming Events

Dec

01

01 Dec - 15 Dec
විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - ii පරීක්ෂණය, 2024 ඔක්තෝබර්
උක්ත පරීක්ෂණ සඳහා පෙනී...

Nov

30

30 Nov - 07 Dec
විශේෂ නිවේදනය - postponement of examinations
සියලුම අභ්‍යන්තර සිසු�...

Nov

27

27 Nov - 28 Nov
විශේෂ නිවේදනය/ special notice
අයහපත් කාලගුණික තත්ත්�...

Nov

27

27 Nov - 12 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (general) external degree examination ii - october, 2024
2024 ඔක්තෝබර් මස පැවති ශා�...

Nov

24

24 Nov - 25 Nov
විශේෂ නිවේදනය
2025 නොවැම්බර්/දෙසැම්බර්...

Nov

21

21 Nov - 26 Dec
Updated - සංශෝධිත විභාග කාලසටහන / amended timetable - first & second semester examinations - november, december 2025
පළමු වසර දෙවන සමාසික ස�...

Exam Results
See latest exam results