ක්ෂේත්‍ර චාරිකාව - දෙමළ සහතික පත්‍ර, ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා පාඨමාලාව 2025

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 2025 වර්ෂයේ දෙමළ භාෂා පාඨමාලා සඳහා නිර්දේශිත ක්ෂේත්‍ර චාරිකාව ඉතාමත් සාර්ථක ව 2025.08.09 සහ 2025.08.10 යන දෙදින තුළ පවත්වන ලදී.
චාරිකාවේ ප්‍රධාන අරමුණ වුයේ දෙමළ භාෂාව, සංස්කෘතිය සහ දෙමළ ජන සමාජයේ ක්‍රියාකාරකම් පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබා ගැනීමයි. ඒ සඳහා කොත්මලේ සහ එහි අවට ප්‍රදේශය යොදා ගන්නා ලදී.
පළමු දින පහළ කොත්මලේ නැරඹුම් මධ්‍යස්ථානය සහ අවට පරිසරයත් කොත්මලේ ජලාශයත් ඉන් අනතුරුව කොත්මලේ මහවැලි මහා සෑය, දුටුගැමුණු රජු ස්නානය කළ දිය පීල්ලත් කොත්මලේ උමගත් නරඹන ලදී. එදින සවස කොත්මලේ තොණ්ඩමන් සංස්කෘතික මධ්‍යස්ථානයේ පැළ සිටුවීමේ වැඩසටහනක් පවත්වන ලදී. සවස් කාලයේ දෙමළ සාම්ප්‍රදායික ආහාර සෑදීම සඳහා විද්‍යාර්ථීන් සහභාගී වූහ.
දෙවන දින පොංගල් පූජාව සකසන ලද අතර විද්‍යාර්ථීන් විසින් එම පූජාව කෝවිල වෙත ගෙන ගොස් පූජාවට සහභාගී වන ලදී. කෝවිල් පූජාවෙන් අනතුරු ව හින්දු මෙහෙණින් වන්සේ නමක වන බ්‍රහ්මචාරිණී තන්වි චේතන්‍යා මෙහෙණින් වහන්සේ විසින් පැයක ධර්ම දේශනයක් පවත්වන ලද අතර එහි දී දහම් කරුණු සාකච්ඡා කරන ලදී. ඉන්පසුව කොත්මලේ ප්‍රදේශයේ ගර්භණී මාතාවන් 40 දෙනෙකු වෙත ද්‍රව්‍යමය ආධාර පරිත්‍යාගයක් සිදුකරන ලදී.
අනතුරු ව කොත්මලේ නියම්ගම්දොර ප්‍රාථමික විදුහලේ රුක්රෝපණ වැඩසටහනට සහභාගී වූ අතර එහිදී පුවක් පැළ 50ක් විද්‍යාර්ථීන් විසින් විද්‍යාල පරිශ්‍රයේ රෝපණය කරන ලදී. විද්‍යාර්ථී හිමිනමක විසින් පාසල වෙත පුද්ගලික ලිපිද්‍රව්‍ය පරිත්‍යාගයක් ද සිදුකරන ලදී.
පසුව කොත්මලේ මහ විදුහල වෙත පුවක් පැළ 100ක් ප්‍රදානය කරන ලදී. අක්කර දොළහකින් සමන්විත එම පාසලේ සිදුකිරීමට නියමිත පැළ දහසක රුක්රෝපණ ව්‍යාපෘතියේ පැළ සිටුවීම ආරම්භ කරනු ලැබුවේ 2023 වර්ෂයේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ දෙමළ භාෂා පාඨමාලාවන් හදාරන ලද විද්‍යාර්ථීන් විසිනි. මෙවර චාරිකාවට දෙමළ භාෂා පාඨමාලා සමායෝජක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිමාලි ප්‍රියංගිකා මහත්මිය සහ බාහිර කථිකාචාර්ය ලක්ෂ්මන් කුමාර් මහතා සහභාගී වූහ.

දෙමළ භාෂා පාඨමාලා සමායෝජක

Photo Album: https://www.facebook.com/media/set?vanity=bpusrilanka&set=a.1325925946203611

Posted in News on Aug 18, 2025

Upcoming Events

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

05

05 Mar - 13 Mar
සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණය - දෙවන අදියර - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

25

25 Feb - 04 Mar
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2025 මාර්තු
<b>ශාස්ත්‍රවේදී (බාහිර) �...

Exam Results
See latest exam results