කාසි සුචිගත කිරීමේ ව්‍යාපෘතිය -2022

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන හා නාණකවිද්‍යා අංශය විසින් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ දෙවන වසර (විශේෂ/සාමාන්‍ය) ශිෂ්‍ය කණ්ඩායම සඳහා කාසි සුචිගත කිරීමේ පුහුණු ව්‍යාපෘතියක් 2022/11/01, 02, සහ 03 යන දිනයන් හි අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාර පරිශ්‍රයේ දී පවත්වන ලදි. ඒ සඳහා අවස්ථාව සලසා දුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතාටත්, අභිලේඛන හා නාණකවිද්‍යා අංශයේ අධ්‍යක්ෂ නාමල් කොඩිතුවක්කු මහතාටත්, පුහුණු ව්‍යාපෘතිය සඳහා සම්පත් දායකත්වය ලබාදුන් ව්‍යාපෘතිභාර නිලධාරි අජිත් අතුකොරළ මහතාටත්, සංවර්ධන නිලධාරී, පූජ්‍ය කන්තලේ සුමිත්ත හිමියන්ටත්, ශිලාලේඛන සහකාර කේ. පී. ජනක මහතාටත්, අනුරාධපුර කෞතුකාගාර නිලධාරී තමරා මහත්මිය ඇතුළු සියලු දෙනාටත් පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ ස්තූතිය ප්‍රකාශ කරමි.

පුහුණු ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කළ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය (ධුරයේ කාර්යයන් ඉටුකරන) මහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංශ නාහිමි, බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය ඉලුකේවෙල ධම්මරතන හිමි, සමය හා තුලනාත්මක අධ්‍යයනාංශයේ අංශාධිපති ආචාර්ය පූජ්‍ය හෝමාගම ධම්මානන්ද හිමි, බෞද්ධ සංස්කෘතිය අධ්‍යයනාංශයේ අංශාධිපති ආචාර්ය නිලන්ත පී. දිසානායක මහතා, වැඩබලන ලේඛකාධිකාරී ඊ. ඒ. ගුණසේන මහතා, මූල්‍යාධිකාරි එම්. ඒ. වී. එස්. ගුණවර්ධන මහතා ඇතුළු සහාය ලබාදුන් සියලු දෙනා ද ගෞරවයෙන් සිහිපත් කරමි.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි

අංශාධිපති, පුරාවිද්‍යා අධ්‍යයන අංශය.

තවත් ඡායාරූප : https://tinyurl.com/ycxc7dww

5-1.jpg

10 -1.jpg

Posted in News on Nov 09, 2022

Upcoming Events

Nov

07

07 Nov - 11 Nov
සංශෝධනය නොකළ කාලසටහන/ not amended timetable - first & second semester examination - november, december 2025
පළමු වසර දෙවන සමාසික ස�...

Oct

31

31 Oct - 11 Nov
විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය කිරීම/ re-scrutinization of marks and grades
2025 මැයි/ජුනි පැවති දෙවන ...

Oct

29

29 Oct - 15 Nov
තනතුරු ඇබෑර්තු - 2025 (අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා පමණි)
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Oct

29

29 Oct - 31 Oct
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (second & fourth year second semester examinations) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Oct

20

20 Oct - 23 Oct
නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing re- scrutinization results may, june - 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Oct

15

15 Oct - 17 Oct
Special notice from internal examinations division
<b>සියලුම අභ්‍යන්තර සිස�...

Exam Results
See latest exam results