පුරාවිද්‍යා ක්ෂේත්‍ර පුහුණුව - පළමුවන අදියර 2022

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ විශේෂවේදී තෙවන වසර ශිෂ්‍ය කණ්ඩායමට නියමිත ක්ෂේත්‍ර පුරාවිද්‍යාව (ARCH 31123) විෂය පත්‍රයට අදාළ ක්ෂේත්‍ර පුහුණු වැඩසටහන 2022/07/04 වන දින සිට 2022/07/15 දින දක්වා අදියර කිහිපයක් යටතේ සිදු කෙරේ. එම පුහුණු වැඩසටහනේ පළමුවන අදියර මධ්‍යම සංස්කෘතික අරමුදලේ මහාවිහාර ව්‍යාපෘතියට අයත් කුජ්ජතිස්ස ස්ථූප පරිශ්‍රයේ දී 2022/07/04 වන දින සිට 2022/07/11 වන දින දක්වා ක්‍රියාත්මක විය. පුරාවිද්‍යා කැණිම් ක්‍රියාවලිය හා සම්බන්ධ එම ක්ෂේත්‍ර පුහුණුවේ දී මතුපිට භූමිය නිරීක්ෂණය කිරීම, ක්ෂේත්‍ර උපකරණ භාවිතය, කොටු දැල් සකස් කිරීම, මතුපිට මිණුම් ලබා ගැනීම, පුරාවිද්‍යා කැණිම හා සම්බන්ධ සැලසුම්කරණය, ඡායාරූපකරණය සහ වාර්තාකරණය, ප්‍රායෝගික කැණීම් පුහුණුව ලබාදීම, පස් ස්ථර අධ්‍යයනය ආදී ක්‍රියාකාරකම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලදී. ඒ සඳහා මහාවිහාර ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකාර එච්. එම්. එම්. හේරත් මහතා, ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යා නිලධාරි ආර්. පී. චන්ද්‍රරත්න මහතා, පුරාවිද්‍යා නිලධාරි ඉරේෂා වන්නිනායක මහත්මිය, කැණීම් පුහුණුභාර පුරාවිද්‍යා නිලධාරි, බාහිර කථිකාචාර්ය නිලංග උදාර ජයරත්න මහතා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරි, බාහිර කථිකාචර්ය පූජ්‍ය ගම්මහේගේවැව අමිත හිමි, වයඹ පළාත් පුරාවිද්‍යා කලාපභාර නිලධාරී පූජ්‍ය රඹෑවේ ධම්මවිජය හිමි සහ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමියන් ඇතුලු පිරිස සහභාගි වූහ.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි

අංශාධිපති, පුරාවිද්‍යා අධ්‍යයන අංශය.

තවත් ඡායාරූප :https://tinyurl.com/9ujvj58r

5.png

10.jpg

14.jpg

Posted in News on Jul 11, 2022

Upcoming Events

Nov

07

07 Nov - 11 Nov
සංශෝධනය නොකළ කාලසටහන/ not amended timetable - first & second semester examination - november, december 2025
පළමු වසර දෙවන සමාසික ස�...

Oct

31

31 Oct - 11 Nov
විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය කිරීම/ re-scrutinization of marks and grades
2025 මැයි/ජුනි පැවති දෙවන ...

Oct

29

29 Oct - 15 Nov
තනතුරු ඇබෑර්තු - 2025 (අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා පමණි)
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Oct

29

29 Oct - 31 Oct
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (second & fourth year second semester examinations) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Oct

20

20 Oct - 23 Oct
නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing re- scrutinization results may, june - 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Oct

15

15 Oct - 17 Oct
Special notice from internal examinations division
<b>සියලුම අභ්‍යන්තර සිස�...

Exam Results
See latest exam results