BPU Journal of Archaeology Volume 01 - Issue 1, Issue 2 විමර්ශිත ශාස්ත්‍රීය සංග්‍රහය ප්‍රකාශයට පත්කිරීම
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශය මගින් සම්පාදනය කෙරුණු BPU Journal of Archaeology විමර්ශිත සඟරාවේ පළමු වෙළුමේ පළමුවන හා දෙවන කාණ්ඩ මේ වනවිට ප්‍රකාශයට පත් කොට තිබේ. එහි පළමු කාණ්ඩය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි විසින් සංස්කරණය කරන ලද අතර විමර්ශිත ලිපි හතක එකතුවකි. විමර්ශිත ලිපි හතකින් සමන්විත දෙවන කාණ්ඩය කථිකාචාර්ය ආචාර්ය ඉෂංඛ මල්සිරි මහතා විසින් සංස්කරණය කරනු ලැබ තිබේ. මෙම ශාස්ත්‍රීය කටයුත්ත සඳහා අවශ්‍ය මගපෙන්වීම හා අනුග්‍රහය ලබා දුන් මහෝපාධ්‍යාය පූජ්‍ය නෙළුවේ සුමනවංස හිමියන්ට ද, බෞද්ධ අධ්‍යයන පීඨාධිපති පූජ්‍ය ඉළුකේවෙල ධම්මරතන හිමියන්ට ද, ලේඛකාධිකාරි ආර්. ඒ. පියරත්න මහතාට සහ මූල්‍යාධිකාරි එම්. ඒ. වී. එස්. ගුණවර්ධන මහතාට පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ විශේෂ ස්තුතිය පිරිනමනු කැමැත්තෙමි. ශාස්ත්‍රීය ලිපි විමර්ශනය කළ විද්වතුන් හා ශාස්ත්‍රීය ලිපි සම්පාදනය කළ විද්වත් සැම ද අපගේ ගෞරවයට පාත්‍ර වන බව සිහිපත් කරමි.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි
අංශාධිපති, පුරාවිද්‍යා අධ්‍යයනාංශය