තෙවන වසර සහ සිව්වන වසර සිසුන්ට ශාස්ත්‍රවේදී (සාමාන්‍ය/විශේෂ) උපාධි අභ්‍යන්තර පාඨමාලා සඳහා ලියාපදිංචි වීමට අදාළ අයදුම්පත විශ්වවිද්‍යාලයීය වෙබ් අඩවියෙන් බාගත කර ගත හැකි ය.
අභ්‍යන්තර පාඨමාලා සඳහා ලියාපදිංචි වීමට අදාළ වර්ෂයට ලියාපදිංචි ගාස්තු රු. 500/- ගෙවිය යුතු ය. ඒ සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නමින් ලංකා බැංකුව හෝමාගම ශාඛාවෙහි ඇති 711201 ගිණුමට ලියාපදිංචි ගාස්තු ගෙවීම් කර රිසිට්පත හා සම්පූර්ණ කරන ලද අයඳුම්පත "ass@bpu.ac.lk" යන විද්‍යුත් ලිපිනයට
2021.06.25 දිනට ප්‍රථම යොමු කරන්න.
තෙවන වසර සිසුන්ට අයදුම්පත ලබාගැනීම සඳහා
සිව්වන වසර සිසුන්ට අයදුම්පත ලබාගැනීම සඳහා
සහකාර ලේඛකාධිකාරී
අධ්‍යයන කටයුතු
2021.06.14